Ultimate magazine theme for WordPress.

“තව එක් කඩුල්ලක් දවා ගැනීමයි වැදගත්” – රමේෂ් මෙන්ඩිස්

හෙට දිනයේ දී බංග්ලාදේශ දෙවැනි ඉනිමේ 6 වැනි කඩුල්ල කඩිනමින් දවා ගැනීමට හැකි වුවහොත් ඒ ඔස්සේ තරගය ජය ගැනීම සදහා අවශ්‍ය මාර්ගය පහසුවෙන් සකස් කර ගත හැකි බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පවසනවා.

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද(2) දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

ප්‍රවීන් ජයවික්‍රම සහ තමා එකම ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීම තුළින් දෙදෙනාට දෙදෙනා පිළිබද ඇතිව තිබෙන අවබෝධය ද තමාට පන්දු යැවීමේ දී සහායක් වූ බව ඔහුගේ අදහසයි.

බංග්ලාදේශ ඉනිමේ තවත් කඩුල්ලක් දවා ගතහොත් ඉන් ඉදිරියට පිතිකරණය සදහා පැමිණීමට නියමිතව සිටින්නේ පන්දු යවන්නන් බැවින් ඔවුන් කඩිනමින් දවා ගැනීමට හැකි වනු ඇති බවට රමේෂ් මෙන්ඩිස් විශ්වාසය පල කරනවා.

Leave a comment