Ultimate magazine theme for WordPress.

ඩේවිඩ් විලී සහ බිරිදට කොරෝනා

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වේවිඩ් විලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඇතුළු යෝක්ෂයාර් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩේවිඩ් විලී සමීපව ආශ්‍රය කළ ක්‍රීඩකයින් පිරිසක් එලෙස නිරෝධායනයට යොමු කර ඇති බව සදහන්.

ඔහු මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරු වීම සහ ඔහු ඇතුළු තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් එරට ප්‍රාන්ත තරගාවලියේ ඉදිරි තරග කිහිපයක්ම එම ක්‍රීඩකයින් සිව් දෙනාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වේවිඩ් විලීට අමතරව ඔහුගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක් වුණේ.

Leave a comment