Ultimate magazine theme for WordPress.

ඩෙන්ලි එක්දින තරගාවලියෙන් ඉවතට

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරග දෙක එංගලන්ත පිතිකරු ජෝ ඩෙන්ලිට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර දී සිදු වූ ආබාධය හේතුවෙන් ඔහුට පළමු එක්දින තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු වෙනුවට Liam Livingstone සංචිතයට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, අයර්ලන්ත ක්‍රීඩක Barry McCarthy ට ද දෙරට අතර පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙක අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ද ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

අයර්ලන්ත ක්‍රීඩක Boyd Rankin ට ද දෙරට අතර අද(1) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය ආබාධයක් නිසා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment