Ultimate magazine theme for WordPress.

ඩර්බන් කණ්ඩායම සිය පළමු ක්‍රීඩකයින් පස්දෙනා නිවේදනය කරයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ක්‍රිකට් ලීගය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිය කණ්ඩායම ගිවිසුම් අත්සන් කළ පළමු ක්‍රීඩකයින් 5 දෙනා ඩර්බන් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් ලෙස ඔවුන් ගිවිසුම් අත්සන් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වන ජේසන් හෝල්ඩර්, ක්යල් මේයර්ස් හා එංගලන්තයේ රීස් ටොප්ලි සමගයි.

දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්වෙන්ටන් ඩී කොක් සමග ඩර්බන් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ලෙස ඔවුන් ගිවිසුම්ගත වී ඇත්තේ Prenelan Subrayen සමගයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන RPSG සමූහය විසින් ඩර්බන් කණ්ඩායමේ ද හිමිකාරීත්වය දරනු ලබනවා.

මීට පෙර MI Cape Town කණ්ඩායම ද සිය කණ්ඩායම විසින් පළමුව ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් 5 දෙනා නිවේදනය කළා.

මෙම ලීග් තරගාවලියේ නීති ප්‍රකාරව තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හයට වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් 5 දෙනෙකු සමග ගිවිසුම් ගත විය හැකියි.

ප්‍රධාන (marquee) ක්‍රීඩකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් සමග කණ්ඩායම් මේ වන විට ගිවිසුම්ගත වී ඇති බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබූ අතර, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩිවිය වාර්තා කර තිබුණේ එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ද ඇතුළත් බවයි.

Leave a comment