Ultimate magazine theme for WordPress.

ටොම් කරන්ට අයි.පී.එල් අහිමි වෙයි

එංගලන්ත වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට අවම වශයෙන් ජූනි මාසය අවසන් වන තුරු ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට එලෙස ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බවයි සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනය කළේ.

ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ පසුගිය 15 වැනිදා පැවැති තරගයක් අතරතුර දී යි.

මෙම ආබාධය හේතුවෙන් ටොම් කරන්ට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය ද ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

Leave a comment