Ultimate magazine theme for WordPress.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සම වෙයි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව සමගින් සම පළමු ස්ථානය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

ඒ, එංගලන්තය සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව අද(20) ලැබූ ජයග්‍රහනයත් සමගයි.

ඒ අනුව මේ වන විට ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන ඇති ඔස්ට්‍රේලියාව 100%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු 24ක් ලබා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් බැවින් ප්‍රසාද ලකුණු 24ක් හා 100%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

10%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින් 7 වැනි ස්ථානයේ පසු වූ එංගලන්තයේ ලකුණු ප්‍රතිශතය අද නිමා වූ තරගයෙන් ලැබූ පරාජයත් සමග 08.33% දක්වා පහත වැටී තිබෙනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

 

Leave a comment