Ultimate magazine theme for WordPress.

ටෙස්ට් වරම් නොලැබූ 4 දෙනෙකු සිම්බාබ්වේ සංචිතයට

බංග්ලාදේශය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන සිම්බාබ්වේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශෝන් විලියම්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

ඊට මෙතෙක් ටෙස්ට් වරම් නොලැබූ Chivanga Tanaka, Joylord Gumbie, Takudzwanashe Kaitano සහ Dion Myers යන ක්‍රීඩකයින් 4 දෙනා ද නම් කර තිබීම විශේෂත්වයක්.

2018 වසරේ නොවැම්බර් මාසයේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ Tendai Chatara ද යළි සංචිතයට කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ලබන 7 වනදා සිම්බාබ්වේහි බුලවායෝ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින සහ 20යි 20 තරගාවලි හරාරේහී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Squad:

Regis Chakabva, Tendai Chatara, Tendai Chisoro, Tanaka Chivanga, Craig Ervine, Luke Jongwe, Roy Kaia, Kevin Kasuza, Timycen Maruma, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava, Victor Nyauchi, Milton Shumba, Brendan Taylor, Donald Tiripano, Sean Williams (C), Joylord Gumbie, Takudzwanashe Kaitano, Dion Myers.

Leave a comment