Ultimate magazine theme for WordPress.

ටෙස්ට් වරම් දිනූ තරගාවලියෙන් ලිවින්ග්ස්ටන් ඉවතට

එංගලන්ත පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන්ට පාකිස්තාන සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ඔහු එම තරගයේ දෙවැනි දිනයේ දී පන්දු රකිමින් සිටියදී දණහිසක ආබාධයකට ලක් වීම හේතුවෙනුයි මෙලෙස ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ආබාධයෙන් අනතුරුව පාකිස්තාන පළමු ඉනිමේ දී යළි පන්දු රැකීමට ලිවින්ග්ස්ටන් කටයුතු කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු එංගලන්ත දෙවැනි ඉනිමේ දී පිතිකරණයේ නිරත වුණා.

ආබාධය හේතුවෙන් ඔහු යළි පාකිස්තානයේ සිට එංගලන්තය බලා පිටත්ව යන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එංගලන්ත බළධාරීන් මෙතෙක් තීරණය කර නැහැ.

Show Comments (1)