Ultimate magazine theme for WordPress.

ටමිම් සති 8ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(22) ආරම්භ වනවා.

පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 4ට ආරම්භ වන්නේ හරාරේ හී දී යි.

දෙරට අතර පැවැති එක්දින තරගාවලිය ඊයේ නිමා වුණේ තරග 3-0ක් ලෙස බංග්ලාදේශයට ජය හිමි කර දෙමින්.

මේ අතර, බංග්ලාදේශයේ ටමිම් ඉක්බාල්ට දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇතිව තිබෙන ආබාධය හේතුවෙන්.

එම ආබාධය නිසා ඔහුට සති 8ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

Leave a comment