Ultimate magazine theme for WordPress.

ටමිම් ඉක්බාල් T 20 ලෝක කුසලානයෙන් ඉවත් වෙයි

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෙකු වන ටමිම් ඉක්බාල් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය 20යි 20 තරග 15 – 20 තුළ දී තමා ජාතික කණ්ඩායම නියෝජනය නොකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

තමා වෙනුවට වෙනත් ක්‍රීඩකයින් ආදේශ කර ඇති බවත්, ඔවුන් වෙනුවට තමා යළි කණ්ඩායමට පැමිණීම සුදුසු නොවන බවත් ටමිම් ඉක්බාල්  සදහන් කළා.

එය ඔවුන්ට සිදු කරන අසාධාරණයක් බවයි ටමිම්ගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත්, තමා ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණයක් ගෙන නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment