Ultimate magazine theme for WordPress.

ජයිස්වාල් ඉන්දීය සංචිතයට කැදවයි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස යශස්වි ජයිස්වාල් නම් කර තිබෙනවා.

ජූනි 3 වැනිදා විවාහ වීමට නියමිතව සිටින රුටුරාජ් ගයික්වඩ් වෙනුවට ජයිස්වාල් එලෙස අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජයිස්වාල් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඉනිම් 14 කදී ලකුණු 625 ක් රැස් කිරීමට සමත් වූ අතර, ඊට අර්ධ ශතක 5 ක හා ශතකක් ඇතුළත් වුණා.

ඔහු මෙතෙක් කිසිදු තරග රටාවකින් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගෙන නැහැ.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment