Ultimate magazine theme for WordPress.

චේස්, හෙට්මයර් ටෙස්ට් සංචිතයට කැදවූ බවට පලවන මෙරට මාධ්‍ය වාර්තා අසත්‍යයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට ශිම්රන් හෙට්මයර් සහ රොස්ටන් චේස් නම් කර ඇති බවට මේ වන විට මෙරට මාධ්‍ය කිහිපයක් තොරතුරු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, එවැනි කිසිදු නම් කිරීමක් සම්බන්ධයෙන් කොදෙව් ක්‍රිකට් ආයතනය මෙතෙක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර නැහැ.

කොදෙව් ටෙස්ට් සංචිතය ද මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමකයි අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයට එක් කර ඇති බවට අසත්‍ය මාධ්‍ය වාර්තා පලව ඇත්තේ.

කෙසේ වෙතත්, ශිමරන් හෙට්මයර් සහ රොස්ටන් චේස් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් මේ වන විට සමත් වී තිබෙනවා.

මීට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත 20යි 20 සහ එක්දින තරගාවලි සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ශිම්රන් හෙට්මයර්ට සහ රොස්ටන් චේස්ට අහිමි වුණා.

නමුත්, ඔවුන් දෙදෙනා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් මේ වන විට පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් කොදෙව් කණ්ඩායම් දෙකක් අතර සිව්දින පුහුණු තරගයක් පැවැත්වීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

කිමා රෝච් සහ ෂැනොන් ගේබ්‍රියල් මෙම තරගයෙන් විවේක ගන්වා ඇති අතර, ශිම්රන් හෙට්මයර් සහ රොස්ටන් චේස් ද මෙම තරගයට ඇතුළත්.

පුහුණු තරගයට ක්‍රීඩා කරන සංචිත දෙක –

SQUAD A: Kraigg Brathwite (captain), Shamarh Brooks, Rahkeem Cornwall, Joshua Da Silva, Derval Green, Keon Harding, Shimron Hetmyer, Kavem Hodge, Paul Palmer Jr., Veerasammy Permaul, Kieran Powell, Preston McSween Jayden Seales.

SQUAD B: Roston Chase (captain), Sunil Ambris, Nkrumah Bonner, Jermaine Blackwood, John Campbell, Jahmar Hamilton, Chemar Holder, Imran Khan, Marquino Mindley, Shayne Moseley, Raymon Reifer, Nial Smith, Jomel Warrican.

Leave a comment