Ultimate magazine theme for WordPress.

චෙන්නායි කණ්ඩායම තවත් අර්බුදයක

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු  Ruturaj Gaikwad ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, කොරෝනා වෛරසය වැළදීමෙන් අනතුරුව ඔහු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටීම හේතුවෙන්.

සංචිතය හා යළි එක්වීමටනම් ඔහුට වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වීමට සිදු වනවා.

සුරේෂ් රයිනා මෙවර තරගාවලියෙන් ඉවත් වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ ස්ථානයට ක්‍රීඩා කිරීම සදහා සූදානමින් සිටියේ Ruturaj Gaikwad.

මේ අතර, කොරෝනා වෛරසයට ගොදුරු වී සිටි චෙන්නායි කණ්ඩායමේ දීපක් චහාර්ට ලබන 19 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව සදහන්.

මේ වන විට ඔහු පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

Leave a comment