චමීර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට; වනිදුත් පළමු තැනට ලං වෙයි
ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් අද(4) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එහි පන්දු යවන්නන් අතර 18 වන ස්ථානය දක්වා ස්ථාන 19කින් ඉදිරියට පැමිණීමට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත්ව තිබෙනවා.
ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 555ක්.
බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් ද රැදී සිටින්නේ 18 වන ස්ථානයේ යි.
ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන වනිදු හසරංගට හිමි ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය මේ වන විට 764 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහි පෙරමුණේ පසුවන දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි ශ්‍රේණිගත ලකුණු 792ක් හිමි කර ගෙන සිටිනවා.
මේ අතර, ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සදකැන් ද ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානයේ රැදී සිටිනවා.