Ultimate magazine theme for WordPress.

ගිබ්ස්ට තවත් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාරධූරයක්

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන කරච්චි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර අදාළ ධූරයේ කටයුතු කළ ඩීන් ජෝන්ස් වෙනුවටයි.

ඩීන් ජෝන්ස් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී අභාවප්‍රාප්ත වූ අතර, නොවැම්බර් මාසයේ දී පැවැති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග සදහා කරච්චි කණ්ඩායම සහභාගී වූයේ වසීම් අක්‍රම්ගේ වැඩබලන පුහුණුකාරීත්වය යටතේයි.

කරච්චි කිංග්ස් කණ්ඩායම එහිදී පළමු වරට ශූරතාවය ද දිනා ගත් අතර, අදාළ ජයග්‍රහනය ඩීන් ජෝන්ස් වෙනුවෙන් පුද කිරීමට ද ඔවුන් අමතක කළේ නැහැ.

ගිබ්ස් මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

Leave a comment