Ultimate magazine theme for WordPress.

ගාලු ග්ලැඩියේටර්ස් එළිදකියි – ප්‍රධාන ක්‍රීඩකයා අෆ්රිඩි – පුහුණුකරුත් නම් කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Galle Gladiators කණ්ඩායම අද නිල වශයෙන් එළිදැක්වුණා.

ඒ, පාකිස්තානයේ දී යි.

එහිදී කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ( icon player ) පාකිස්තාන හිටපු නායක ශහිඩ් අෆ්රිඩ් නම් කර තිබෙනවා.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මොයීන් ඛාන්.

නදීම් ඕමාර්, Galle Gladiators කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කරනවා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Quetta Gladiators කණ්ඩායමේ හිමිකරු වන්නේ ද ඔහුයි.

මෙවර එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment