Ultimate magazine theme for WordPress.

ගාල්ලට පැරදුණු හේතුවක් කිංග්ස් පුහුණුකරු කියයි; ගුර්බාස්ගේ ආබාධය ගැනත් තිසර කරුණු පහදයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු කණ්ඩායම් අතරින් වැඩිම අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ප්‍රමාණයක් සිය කණ්ඩායම සතු වීම අවසන් මහා තරගයේ දී වාසිදායක වනු ඇති බව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පවසනවා.

හෙට(23) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි පැවැත්වෙන අවසන් තරගය සම්බන්ධයෙන් අද(22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

“ඊයේ තරගයේ දී හයේ පහරවල් හතරේ පහරවල් එක්කම අපි එකේ ඒවා දෙකේ ඒවත් සෑහෙන්න ලබා ගත්තා. මම හිතන්නේ ඒක තමයි ගාල්ලත් එක්ක ක්‍රීඩා කරපු තරගයේ දී වුණ අතපසු වීම, ලොකු පහරවල් විතරක් ඔලුවෙ තියාගෙන හිටියා එක දෙක අමතක කරලා. ඒක හදාගෙන තමයි අපි ඊළග තරගයට මුහුණ දුන්නේ. අපි කතා කරපු දේවල් හරියට කරා. ඒක හින්ද තමයි ඒ තරගය අපිට ජයග්‍රහනය කරන්න ලැබුණේ.”

යනුවෙන් කිංග්ස් පුහුණුකරු කියා සිටියා.

“නමුත් අපි දන්නවා ගාල්ල කණ්ඩායම ඉතාමත් හොද කණ්ඩායමක්. හොද පන්දු යවන්නන් ඉන්නවා. අපි ඒවට සැලසුම් හදලා තියෙනවා. අපි ඒක අද හවස කණ්ඩායම් රැස්වීමේ දී කතා කරන්න බලාපොරොත්තුවෙනවා.” 

“මම හිතන්නේ කණ්ඩායම් හැටියට ගත්තම අපේ තමයි අත්දැකීම් වැඩිම ක්‍රීඩකයින් ඉන්නේ. ඒක මේ විදිහ පීඩනයක් සහිත තරගයකදී අපිට වාසියක් වේවි කියලා මම හිතනවා, මේ තියෙන කන්ඩිෂන්ස් එක්ක. මම හිතන්නේ ලකුණු 170ක් 175ක් ලබා ගන්න පුලුවන් තණතීරුවක් මේක. ඒ වගේ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තොත් ඕනෑම කණ්ඩායමකට පීඩනයක් තියෙනවා හඹා යාමේ දී.”

මේ අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් ඊයේ(21) තරගයේ දී යම් ආබාධයකට ලක් වුවත් ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සදහන් කළා.

ඔහුට අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි තිසර පෙරේරා විශ්වාසය පල කළේ.

Leave a comment