Ultimate magazine theme for WordPress.

ග්‍රෑන්ඩ්හෝම් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දකුණු පාදයේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

ඔහුට අමතරව පාදයක ආබාධයකට ලක්වී සුවය ලබමින් සිටින දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල්ට ද පළමු ටෙස්ට් තරගය අහිමි වන බව සදහන්.

ඒ අනුව කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් වෙනුවට Daryl Mitchell නවසීලන්ත සංචිතයට කැදවා ඇති අතර, අජාස් පටෙල් වෙනුවට ආදේශ කර ඇත්තේ මිචෙල් සැන්ට්නර්.

ටෙස්ට් තරගාවලියට පෙර දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියේ තෙවැනි තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ ද මිචෙල් සැන්ට්නර්.

 

Leave a comment