Ultimate magazine theme for WordPress.

ග්‍රැහැම් ෆෝඩ් අයර්ලන්ත පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ දී අයර්ලන්ත කණ්ඩායම සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වූ පසුබිමකයි.

එම තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තයට හැකි වූයේ නැහැ.

ග්‍රැහැම් ෆෝඩ් අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණේ 2017 වසරේ දී යි.

පළමුව වසර 3කට ගිවිසුම්ගත වූ ඔහු, අනතුරුව 2019 වසරේ දී තවත් වසර 3ක් සදහා ගිවිසුම් ගත වුණා.

 

Leave a comment