Ultimate magazine theme for WordPress.

ගයානා නායකත්වය පූරාන්ට; රසල්, පොලාඩ් හා හෝල්ඩර් රදවා ගැනේ

2021 කැරිබියන් ප්‍රිමියර් ලීග්(සී.පී.එල්) ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස නිකලස් පූරාන් පත් කර තිබෙනවා.

ඒ, හිටපු නායක ක්‍රිස් ග්‍රීන් එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කිරීමත් සමගයි.

පූරාන්ට අමතරව වොරියර්ස් කණ්ඩායම විසින් පසුගිය තරග වාරයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනෙකු සිය සංචිතයේම රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අතරට ශිම්රන් හෙට්මයර්, බ්‍රෙන්ඩන් කින්ග්, ඉම්රාන් තහීර් හා නවීන් උල් හක් ද ඇතුළත්.

කෙසේ වෙතත්, ජැමයිකා තලවාස් කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය තරග වාරයේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ මුජීබ් රෙහ්මාන් සිය සංචිතයේ රදවා ගැනීමට තලවාස් කණ්ඩායම කටයුතු කර නැහැ.

ජැමයිකා කණ්ඩායම විසින් අන්ඩ්‍රි රසල් සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කර ඇති අතර, බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස්  කණ්ඩායම විසින් ජේසන් හෝල්ඩර් සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

කිරන් පොලාඩ් තවදුරටත් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ම ක්‍රීඩා කරනු ඇති.

මෙවර සී.පී.එල් තරගාවලිය ලබන අගෝස්තු 28 වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, අවසන් තරගය සැප්තැම්බර් 19 වනදා පැවැත්වීමට නියමිතයි.

සංචිතවල රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව :

St Lucia Zouks-

Andre Fletcher, Kesrick Williams, Rahkeem Cornwall, Roston Chase, Obed Mccoy, Mark Deyal and Javelle Glenn.

St Kitts & Nevis Patriots

Dwyane Bravo (from TKR), Evin Lewis, Fabian Allen, Sherfane Rutherford (from GAW), Sheldon Cotrell, Rayad Emrit, Jon Russ Jaggesar, Dominic Drakes, Joshua Da SIlva

Barbados Tridents-

Jason Holder, Johnson Charles, Shai Hope, Kyle Mayers, Hayden Walsh JR, Raymon Reifer, Justin Greaves, Nyeem Young, Joshua Bishop

Guyana Amazon Warriors

Nicholas Pooran, Shimron Hetmyer, Imran Tahir, Brendon King, Naveen Ul Haq, Romario Shephard, Chandrapaul Hemraj, Odean Smith, Anthony Bramble, Kevin Sinclair, Ashmead Nedd

Jamaica Tallawahs-

Andre Russell, Carlos Brathwaite, Rovman Powell, Fidel Edwards, Veerasammy Permaul, Ryan Persaud

Trinbago Knight Riders –

Kieron Pollard, Sunil Narine, Darren Bravo, Colin Munro, Lendl Simmons, Sikandar Raza, Khary Pierre, Anderson Phillip, Dinesh Ramdin (From St Kitts), Tion Webster, Akeal Hosein, Jayden Seales, Ali Khan

Leave a comment