Ultimate magazine theme for WordPress.

ගම්භීර්ට IPL පිටියෙන් නව තනතුරක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලබන වසරේ සිට ක්‍රීඩා කරන ලක්නව් කණ්ඩායමේ උපදේශක ලෙස ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් පත් කර තිබෙනවා.

දෙවරක් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, දිල්ලි ඩෙයාඩෙවිල්ස් (දිල්ලි කැපිටල්ස්) කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කර තිබුණා.

ලක්නව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් පත් කර කිරීමට ද මීට පෙර කටයුතු කෙරුණා.

කේ.එල් රාහුල් ලක්නව් කණ්ඩායම සමග ඉදිරියේ දී එක්වීමට නියමිතව ඇති බවටත්, බොහෝ විට ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Leave a comment