Ultimate magazine theme for WordPress.

කෝලි – රෝහිට් ගැටුමත් සමග IPL අදින් ඇරඹේ – තරග කාලසටහන මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද(9) චෙන්නායිහී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය රෝහිට් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ අඛණ්ඩව තෙවැනි වරට සහ ඉතිහාසයේ 6 වැනි වරට අයි.පී.එල් ශූරතාවය ජය ගැනීමේ අරමුණින්.

ජෛව ආරක්ෂිත බුබුලක(දකුණු අප්‍රිකාවේ) සිට තවත් ජෛව ආරක්ෂිත බුබුලක්(අයි.පී.එල්) වෙත ගමන් කිරීම හේතුවෙන් ගැටලුවකින් තොරව පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක්ට හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලිය සදහා බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

කොරෝනා වෛරසය ආසාදනය වූ බැංගලෝර් කණ්ඩායමේ දෙව්දත් පඩික්කල් මේ වන විට සුවය ලබා ඇති බැවින් ඔහු අද තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස විරාට් කෝලි කටයුතු කරනු ඇති.

වාර්තා වන ආකාරයට පළමු තරගය සදහා කේන් රිචර්ඩ්සන් සහ ඇඩම් සම්පා තෝරා ගැනීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායම් කළමණාකාරීත්වයට අහිමි වී තිබෙනවා.

තරග පැවැත්වීම සදහා මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගන 6ක් පමණක් තෝරා ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

අවසන් වටයේ තරග අහ්මදාබාද්හී දී පැවැත්වීමට තීරණය කර ඇති අතර, මූලික වටයේ දී සියලු කණ්ඩායම් ක්‍රීඩාංගන 4කදී තරග වදිනු ඇති.

මූලික වටයේ තරග 56 අතරින් චෙන්නායි, මුම්බායි, කොල්කටා සහ බැංගලෝර් යන ක්‍රීඩාංගනවලදී තරග 10 බැගින් පැවැත්වීමට නියමිතයි.

දිල්ලි සහ අහ්මදාබාද් ක්‍රීඩාංගනවලදී තරග 8 බැගින් පැවැත්වෙනු ඇති.

තරගාවලිය ආරම්භයේ දී ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව තරග පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

එක් දිනකට තරග 2 බැගින් පැවැත්වෙන දින 11 ක් ද මෙවර තරගාවලියට ඇතුළත්.

අවසන් මහා තරගය මැයි 30 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ.

තරග කාලසටහන –

BCCI
BCCI
Leave a comment