Ultimate magazine theme for WordPress.

කෝලිට යළි නායකත්වය – ඉෂාන්ට් සහ හර්ඩික් සංචිතයට – ප්‍රිත්වි ඉවතට

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ඉන්දීය සංචිතය අද(19) ප්‍රකාශයට පත් කෙරුණා.

පෞද්ගලික හේතුවක් මත ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ අවසන් තරග 3 සදහා ක්‍රීඩා නොකළ නිත්‍ය නායක විරාට් කෝලි මෙම තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් අතර, ඊට ආබාධයකට ලක්ව සිටි ඉෂාන්ට් ෂර්මා ද යළි කැදවා ඇති බව සදහන්.

තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා ද යළි ටෙස්ට් සංචිතයේ සිය ස්ථානය වෙන් කර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ ප්‍රිත්වි ෂෝ සහ ටී.නටරාජන් මෙම සංචිතයට නම් කර නැහැ.

එමෙන්ම ආබාධවලට ලක්ව සිටින හනුමා විහාරි, මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව්ට මෙන්ම රවීන්ද්‍ර ජඩේජාට ද එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරග දෙක අහිමි වී තිබෙනවා.

මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති ආක්සා පටෙල් ද සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 5 වනදා ආරම්භ වීමට නියමිතයි.

India squad:

Virat Kohli (C), Rohit Sharma, Mayank Agarwal, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane(VC), KL Rahul, Hardik Pandya, Rishabh Pant, Wriddhiman Saha, R Ashwin, Kuldeep Yadav, Axar Patel, Washington Sundar, Ishant Sharma, Jasprit Bumrah, Md. Siraj, Shardul Thakur

Leave a comment