Ultimate magazine theme for WordPress.

කෝටි දහස් ගණනකට අලෙවි වූ නව IPL කණ්ඩායම් දෙක නිවේදනය කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ඇතුළත් කෙරෙන නව කණ්ඩායම් දෙකෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට RPSG සමූහය හා CVC Capital ආයතනය සමත් වී තිබෙනවා.

CVC Capital යනු ජාත්‍යන්තර ආයෝජන සමාගමක් වන අතර, RPSG සමූහය යනු Sanjiv Goenka ගේ හිමිකාරීත්වයෙන් යුත් සමාගමක්.

අද දිනයේ ඩුබායි හී දී නව කණ්ඩායම් දෙක සදහා ලංසු කැදවීම සිදු කෙරුණා.

පාර්ශව 9ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7,090 කට හිමි කර ගත්තා.

CVC Capital සමාගම විසින් අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5,625 ක මුදලකටයි.

ඒ අනුව ලබන වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එම කණ්ඩායම් දෙක එක්වීමත් සමග තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යනවා.

Leave a comment