Ultimate magazine theme for WordPress.

කොවිඩ් ආසාදනය වීම නිසා මොහමඩ් ෂාමි 20යි 20 සංචිතයෙන් ඉවතට

ඔස්ට්‍රේලියාව සමග එළඹෙන 20 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමිට අහිමි වී තිබෙනවා.

ඔහුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙලෙස එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, ඒ අනුව පළමු 20යි 20 තරගය පැවැත්වෙන මොහාලි වෙත ද ඔහු පිටත්ව ගොස් නැහැ.

ඔහු වෙනුවට උමේෂ් යාදව් ඉන්දීය සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

යාදව් 2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

මෙවර එංගලන්ත ප්‍රාන්ත සිව්දින තරගාවලියේ දී මිඩ්ල්සෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිටි උමේෂ් යාදව් ආබාධයකට ලක් වීම හේතුවෙන් මෑතකදී ඉන්දියාව වෙත යළි පැමිණියා.

Leave a comment