Ultimate magazine theme for WordPress.

කොරෝනා බව කියූ 6 දෙනාට කොරෝනා නැතැයි දෙවැනි වරටත් තහවුරු වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී පසුව එම වෛරසය ශරීර තුළ නොමැති බවට පසුගියදා අණාවරණය වූ පාකිස්තාන ක්‍රීඩකයින් 6 දෙනාගේ තෙවැනි වටයේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අද(30) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඔවුන් සියලු දෙනාට දෙවැනි වටයේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී මෙන් තෙවැනි වටයේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී ද කොරෝනා වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ෆකාර් සමාන්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් රිස්වාන්, ශඩාබ් ඛාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින්ගේ ශරීර තුළ මෙලෙස වෛරසය නොමැති බවට දෙවැනි වරටත් තහවුරු වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ඔවුන් සියලු දෙනා එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් මේ වන විට එංගලන්තයට පැමිණ සිටින ක්‍රීඩකයින් 20 දෙනා සමග ඉදිරියේ දී එක්වනු ඇති.

අදාළ ක්‍රීඩකයින් හය දෙනා මේ වන විට ලාහෝර් නුවර තරු පහේ හෝටලයක හුදෙකලාව වාසය කරන අතර, ඔවුන් මෙම සතිය අගදී එංගලන්තය බලා පිටත් යාමට නියමිතයි.

Leave a comment