Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ තරග සංචාරය අභියස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ලක්ෂාන්ට සහ ඉෂාන් ජයරත්නට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදීයි මෙම පුවත වාර්තා වන්නේ.

ධනංජය ලක්ෂාන් එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා වන මූලික පුහුණු සංචිතය සදහා නම් කර සිටි බව සදහන්.

මීට පෙර ක්‍රිකට් ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැණුනා.

ඔහු ද එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා නම් කර ඇති බවටයි වාර්තා වුණේ.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකට ඊයේ(8) ලබා දුන්නා.

බංග්ලාදේශ තරගාවලියට එක්වීමට නියමිත ක්‍රීඩකයින්ට සහ කාර්යය මණ්ඩල සාමාජිකයින්ට එලෙස එන්නත ලබා දී තිබූ බවයි වාර්තා වුණේ.

ශිරාන් ප්‍රනාන්දුට එම එන්නත ඊයේ ලබා නොදුන් අතර, ඔහුට එය මාසයක පමණ කාලයකින් පසුව ලබා දෙනු ඇති.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 16 වනදා එරට බලා පිටත්ව යාමට නියමිතයි.

Leave a comment