Ultimate magazine theme for WordPress.

කොරෝනා ආසාදනය වූ සචින්ගේ නවතම තත්ත්වය

කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වීමෙන් පසුව පසුගියදා රෝහල් ගත කෙරුණු ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

වෛද්‍ය උපදෙස් අනුව පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසයි ඔහු පසුගිය දෙවැනිදා රෝහල් ගත කර තිබුණේ.

කෙසේ වෙතත්, තමා තවදුරටත් සෙසු පුද්ගලයින්ගෙන් හුදෙකලා වී පසු වන බව සචින් ටෙන්ඩුල්කාර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

නිමා වූ Road Sefety World Series තරගාවලියෙන් අනතුරුවයි ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබුණේ.

ඔහුට අමතරව ඉර්ෆාන් පතාන්, යුසුෆ් පතාන් සහ එස්. බද්‍රිනාත් යන ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව හදුනා ගැණුනු නමුත්, මේ වන විට ඔවුන් සුවය ලබා ඇති බව සදහන්.

Leave a comment