Ultimate magazine theme for WordPress.

කොරෝනා ආසාදනය වූ මැතිව්ස් ටෙස්ට් තරගයෙන් ඉවතට ; දින 5ක් හුදෙකලා කෙරේ

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(1) ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ හේතුවෙන් ඔහුට මෙම තරගයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ දිනයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් මුහුණ දුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම පරීක්ෂණය සිදු කර තිබුණා.

මේ වන විට මැතිව්ස් සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ඔහු එලෙස දින 5ක් හුදෙකලා කර තැබීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Leave a comment