Ultimate magazine theme for WordPress.

කොරෝනා අවධානම හමුවේ ශ්‍රී ලංකාවට යන බංග්ලාදේශ ක්‍රීඩකයින්ට විශේෂ දැනුම් දීමක්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති පළමුපෙල ක්‍රිකට් තරගාවලිය වන ජාතික ක්‍රිකට් ලීගයේ තෙවැනි වටයේ තරග සදහා සහභාගී නොවන ලෙසට ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රීඩකයින්ට එරට ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඒ, බංග්ලාදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම එරට ටෙස්ට් ක්‍රීඩකයින්ට අනිවාර්ය කර තිබුණා.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය තරග 0-2ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමගයි එම අනිවාර්ය කිරීම සිදු කළේ.

කෙසේ වෙතත්, ජාතික ක්‍රිකට් ලීගයේ වට දෙකක් අවසන් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් තීරණය කර ඇත්තේ ටෙස්ට් ක්‍රීඩකයින් අවධානම් තත්ත්වයකට පත් නොකර පළමුපෙල තරගාවලියෙන් ඔවුන්ව ඉවත් කිරීමටයි.

ජාතික ක්‍රිකට් ලීගය අතරතුර දී මේ වන විටත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබෙනවා.

Leave a comment