Ultimate magazine theme for WordPress.

කොරෝනාවට එරෙහි එන්නත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබා දීම අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා කොරොනා වෛරසයට එරෙහි එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

ඊයේ(11) දිනයේ දී කොරෝනා වෛරසයට එරෙහි එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවට මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණා.

ඇස්ට්‍රාසෙනෙකා (astrazeneca) එන්නත මෙලෙස ඔවුන්ට ලබා දීමටයි නියමිතව තිබුණේ.

 

Leave a comment