Ultimate magazine theme for WordPress.

කොන්වේගේ ශතකයෙන් පසු බංග්ලාදේශය යළි සටනට අවතීර්ණ වෙයි

Day 1 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(1) මවුන්ට් මංගනුයිහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබා සිටියා.

නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකර බැවින් නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරන ආරම්භක පිතිකරු ටොම් ලේතම් එක් ලකුණකට දවා ගැනීමට ශොරිෆුල් ඉස්ලාම් සමත් වුණා.

ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව ද එක් ලකුණක් ලෙස සටහන්ව තිබූ අතර, අනතුරුව දෙවන කඩුල්ල සදහා විල් යන්ග් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුවා.

විල් යන්ග් ලකුණු 52කට දුවද්දී දැවී යාම හේතුවෙනුයි එම සබදතාවය බිද වැටුණේ.

කොන්වේ අද දිනයේ දී සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

සිය අවසන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන රෝස් ටේලර් නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 31ක් පමණයි.

ටොම් බ්ලන්ඩල් ලකුණු 11කට දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙන හෙන්රි නිකල්ස් ලකුණු 32යි.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත් අතර, මොමිනුල් හක් හා එබඩොට් හුසේන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a comment