Ultimate magazine theme for WordPress.

කොදෙව් සංචිතය නම් කෙරේ – ප්‍රබලයින් 3ක් එංගලන්ත සංචාරයට බෑ කියයි

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

සංචිතයට Chemar Holder, Raymon Reifer, Nkrumah Bonner සහ Jermaine Blackwood නම් කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය කියා සිටියා.

ඩැරන් බ්‍රාවෝ, කීමෝ පෝල් සහ ශිම්රන් හෙට්මයර් සංචාරය සදහා එක් වීමට අකමැත්ත පල කර ඇති අතර, එම තීරණයට ගරු කරන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ප්‍රධාන සංචිතයට අමතරව අතිරේක ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූලි 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

West Indies squad:

Jason Holder (c), Jermaine Blackwood, Nkrumah Bonner, Kraigg Brathwaite, Shamarh Brooks, John Campbell, Roston Chase, Rakheem Cornwall, Shane Dowrich, Chemar Holder, Shai Hope, Alzarri Joseph, Raymon Reifer and Kemar Roach

Reserve players:

Sunil Ambris, Joshua da Silva, Shannon Gabriel, Keon Harding, Kyle Mayers, Preston McSween, Marquino Mindley, Shane Moseley, Anderson Phillip, Oshane Thomas, Jomel Warrican

Leave a comment