Ultimate magazine theme for WordPress.

කොදෙව් – පාකිස්තාන 20යි 20 තරගාවලියෙන් තරගයක් කපා හරියි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් එක් තරගයක් ඉවත් කිරීමට දෙරටේ ක්‍රිකට් බළධාරීන් එකගතාවයකට එළඹ තිබෙනවා.

ඒ, කොදෙව් කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි එක්දින තරගය කල් දැමීමට පසුගියදා ගත් තීරණය හේතුවෙන්.

කොදෙව් – ඔස්ට්‍රේලියා තෙවැනි හා අවසන් එක්දින තරගය මෙරට වේලාවෙන් අද(26) මධ්‍යම රාත්‍රියේ දී ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව තරග 4කින් යුත් කොදෙව් – පාකිස්තාන 20යි 20 තරගාවලිය එළඹෙන 28 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර තරග 5කින් යුක්තව අදාළ 20යි 20 තරගාවලිය හෙට (27) ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

The new schedule :

  • July 28: 1st T20I, Bridgetown
  • July 31: 2nd T20I, Providence
  • August 1: 3rd T20I, Providence
  • August 3: 4th T20I, Providence
  • August 12: 1st Test, Kingston
  • August 20: 2nd Test, Kingston
Leave a comment