Ultimate magazine theme for WordPress.

කොදෙව් පළමු ඉනිම ලකුණු 271කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.(23)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268ක්.

කෙසේ වෙතත්, ඔවුන්ට අද ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 3ක් පමණයි.

කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ රහ්කීම් කෝන්වෝල් ලකුණු 61ක් රැස් කළ අතර, ජොෂුවා ද සිල්වා ලකුණු 46ක්, Kyle Mayers ලකුණු 45ක් සහ ජෝන් කැම්ප්බෙල් ලකුණු 42ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 47කට කඩුලු 5ක් බිද හෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

ඒ අනුව කොදෙව්වන් සිය පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 102ක් ඉදිරියෙන් පසුවනවා.

Leave a comment