Ultimate magazine theme for WordPress.

කොදෙව් ක්‍රීඩකයින් 25ක් එංගලන්ත සංචාරයට

එළඹෙන එංගලන්ත තරග සංචාරය සම්බන්ධයෙන් මේ වන විට අවසන් අදියරේ සාකච්ඡා දෙරටේ ක්‍රිකට් ආයතන අතර සිදු වෙමින් පවතින බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිළධාරී Johnny Grave, cricinfo වෙබ් අඩවිය වෙත සදහන් කළේ පළමු ටෙස්ට් තරගය ආරම්භ විමට සති 4ක පමණ කාලයකට පෙර කොදෙව් සංචිතයේ ක්‍රීඩකයින්ට එංගලන්තය බලා පිටත්ව යාමට සිදු වන බවයි.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි.

එම ටෙස්ට් තරග ජූලි 8, 16 සහ 24 යන දිනවලදී ආරම්භ වනු ඇති.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.

ජූනි 8 වනදා පමණ කොදෙව් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි Johnny Grave කියා සිටියේ.

තරග සංචාරය සදහා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනා සහ අමතර ක්‍රීඩකයින් 10 දෙනෙකු ද රැගෙන යන බව හෙතෙම සදහන් කළා.

Leave a comment