Ultimate magazine theme for WordPress.

කොදෙව් ක්‍රීඩකයින් දින 14ක් නීරෝධායනයට

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 30 දෙනෙකු බටහිර ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට තෝරා ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජූනි 4 වනදා ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබුණත්, මේ වන විට එය අවම වශයෙන් ජූලි මාසය දක්වා කල් දමා තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

තරගාවලියට එක්වන කොදෙව් ක්‍රීඩකයින් එංගලන්තයට පැමිණීමෙන් පසුව දින 14 ක කාලයක් නීරෝධායන ක්‍රියාවලියකට ද ලක් වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා තවදුරටත් දෙරටේ ක්‍රිකට් ආයතන අතර සිදු වන අතර, නීරෝධායන කාලය තුළ දී පුහුණුවීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සදහා ද කොදෙව් ක්‍රිකට් ආයතනය මේ වන විට දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කරනවා.

ඒ අනුව නවාතැන් ගත හැකි හෝටල් කාමර සහිත ක්‍රීඩාංගනයක අදාළ නීරෝධායන කාල සමය ගත කිරීම සම්බන්ධයෙනුයි මේ වන විට සාකච්ඡා සිදු වන්නේ.

Leave a comment