Ultimate magazine theme for WordPress.

කොදෙව් ක්‍රීඩිකාවන්ගේ සංචාරක ප්‍රතිපත්ති පිරිමි කණ්ඩායමට සම කෙරේ

මින් ඉදිරියට දිගු-දුර ජාත්‍යන්තර ගුවන් ගමන්වලදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා

එමෙන්ම ජාත්‍යන්තර තරග අතරතුර දී තනි කාමරවල රැදී සිටීමට ද ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඉදිරියේ දී කොදෙව් පිරිමි කණ්ඩායමට බලපාන සංචාරක ප්‍රතිපත්ති හා කොදෙව් කාන්තා කණ්ඩායමට අදාළ සංචාරක ප්‍රතිපත්ති සමාන වනු ඇති.

Kishore Shallow සභාපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව පැවැති කොදෙව් ක්‍රිකට් ආයතනයේ පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී යි මෙම තීරණවලට එළඹ ඇත්තේ.

කොදෙව් කාන්තා කණ්ඩායම ජූනි-ජූලි මාසවලදී අයර්ලන්තයට එරෙහිව තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, අනතුරුව ඔක්තෝබර් මාසයේ දී ඔස්ට්‍රේලියානු තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

Leave a comment