Ultimate magazine theme for WordPress.

කොදෙව් – ඕස්ට්‍රේලියා තරගාවලිය යළිත් ඇරඹේ

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි හා තෙවැනි එක්දින තරග සෙනසුරාදා හා සදුදා යන දිනවලදී පැවැත්වීමට තීරණය කළ බව කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටින සියලු සාමාජිකයින්ට සිදු කළ PCR පරීක්ෂණවලින් කිසිවෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට හදුනා ගැනීමත් සමගයි.

දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට පසුගියදා බළධාරීන්ට සිදු වුණේ තරගයේ පළමු පන්දුව යැවීමට මිනිත්තු කිහිපයකට පෙර කොදෙව් කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන්.

අනතුරුව කණ්ඩායම් දෙකම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්තා.

Leave a comment