Ultimate magazine theme for WordPress.

කොදෙව් – එංගලන්ත ගැටුම ගැන සාකච්ඡාවලට නායකයිනුත් එක් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු වනවා.

සිදු කෙරෙන සාකච්ඡා සදහා දෙරටේ නායකයින් දෙදෙනා වන ජෝ රූට් සහ ජේසන් හෝල්ඩර් ද සහභාගී වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

කොදෙව් කණ්ඩායම මෙම මාසයේ දී තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සදහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ එය ප්‍රමාද කර තිබෙනවා.

ජූලි පළමු වනදා තෙක් එංගලන්තයේ සියලු ක්‍රිකට් තරග මේ වන විට නවතා දමා ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන්.

කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ජූලි මාසය දක්වා කල් දැමීමට මීට පෙර අවධානය යොමුව තිබූ නමුත් “ද හන්ඩ්‍රඩ්” තරගාවලිය හේතුවෙන් එය සිදු කිරීම ගැටලුවක්ව පැවතුණා.

කෙසේ වෙතත්, මේ වන විට “ද හන්ඩ්‍රඩ්” තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව දෙරට අතර ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට ඉදිරියේ දී කටයුතු කිරීමට ඉඩ ඇති අතර, ඒ සදහා ද එංගලන්ත රජයේ අවසරය ලබා ගත යුතු වනවා.

පළමු ටෙස්ට් තරගය බොහෝ විට ජූලි 8 වනදා ආරම්භ වනු ඇති බවයි එංගලන්ත මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා මෙතනින් සම්බන්ධ වන්න

Leave a comment