Ultimate magazine theme for WordPress.

කොදෙව් – අයර්ලන්ත 20යි 20 තරගය අවලංගු කෙරේ

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සංශෝදිත තරග කාලසටහන දෙරටේ ක්‍රිකට් ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කල් දැමුණු දෙවැනි එක්දින තරගය එළඹෙන 13 වනදා ද, තෙවැනි එක්දින තරගය එළඹෙන 16 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ලබන ඉරිදා දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ජාත්‍යන්තර තරගය අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කොදෙව් – අයර්ලන්ත එක්දින තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වන අතර, පළමු තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කළේ කොදෙව් කණ්ඩායමයි.

දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(11) පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් සහ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ආබාධ සිදු වීම හේතුවෙන් එම තරගය කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන මීට පෙර තීරණය කළා.

Leave a comment