Ultimate magazine theme for WordPress.

කොදෙව් – අයර්ලන්ත තරග කාලසටහන නිවේදනය කෙරේ

අයර්ලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මෙම සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් ඇතුළත්.

අයර්ලන්ත කණ්ඩායම 20යි 20 තරග දෙකක් හා එක්දින තරග 3ක් සදහා මෙම මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සිදු කිරීමට නියමිත තරග සංචාරයෙන් අනතුරුවයි කොදෙව් සංචාරයට එක් වන්නේ.

අමෙරිකාව සමග තරග කිරීම සදහා අමෙරිකානු තරග සංචාරයකට එක් වන පළමු ටෙස්ට් කණ්ඩායම ලෙසයි අයර්ලන්තය ඉතිහාසගත වන්නේ.

Schedule:

  • January 8: 1st ODI – 9.30am local time, Jamaica
  • January 11: 2nd ODI – 9.30am local time, Jamaica
  • January 14: 3rd ODI – 9.30am local time, Jamaica
  • January 16: Only T20I – 4pm local time, Jamaica
Leave a comment