Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ට එරෙහි තරගාවලියේ ජය බංග්ලාදේශයට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සමත්ව ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඩකා හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 43.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්.

රොව්මන් පවෙල් ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 33.2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ටමිම් ඉක්බාල් ලකුණු 50ක් සහ ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 43ක් ලබා ගත්තා.

Leave a comment