Ultimate magazine theme for WordPress.

කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දෙයි

අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 15ක කාලයක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ රැදී සිටි ඔහු එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ.

2011 වසරේ දී එංගන්තයට එරෙහිව පන්දු 50කින් සිය ශතකය වාර්තා කරමින් ඔහු විසින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

එක්දින තරග 153කදී අයර්ලන්තය නියෝජනය කළ 37 හැවිරිදි ඕබ්‍රයන් එහිදී ලකුණු 3,618ක් වාර්තා කළේ අයර්ලන්තය වෙනුවෙන් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.

එමෙන්ම අයර්ලන්තය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ද වන ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 114ක්.

එක්දින ජාත්‍යන්තර පිටියේ දී අයර්ලන්තය වෙනුවෙන් වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.(උඩ පන්දු 68ක්)

එක්දින පිටියෙන් සමු ගත්තද, කෙවින් ඕබ්‍රයන් තවදුරටත් ටෙස්ට් සහ 20යි 20 ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment