Ultimate magazine theme for WordPress.

කුසල් මෙන්ඩිස්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය මෙන්න

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිදු අවධානම් සහගත තත්ත්වයක් නොමැති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

ඒ, ඩකා නුවර රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදීයි.

බංග්ලාදේශය සමග අද(23) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ ඉනිමේ 23 වැනි පන්දුවාරයේ දී පන්දු රකිමින් සිටිය දී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙනුයි ඔහු අද දහවල් රෝහල් ගත කෙරුණේ.

ඒ අනුව කුසල් මෙන්ඩිස් දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා ඉදිරියේ දී යළි සම්බන්ධ වනු ඇති.

Leave a comment