Ultimate magazine theme for WordPress.

කුලසේකරට LPL තරගාවලියේ පුහුණුකාර ධූරයක්

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පත් කර ඇති බව වාර්තා වනවා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් 20යි 20 තරග 58කට ක්‍රීඩා කර ඇති අතර එහිදී බිද හෙලා තිබූ කඩුලු සංඛ්‍යාව 66ක්.

ඔහු එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ද වරක් හිමිකර ගෙන තිබුණා.

2014 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ජය ගැනීම සදහා ද නුවන් කුලසේකර සුවිශේෂ දායකත්වයක් දක්වනු ලැබුවා.

ඉන්දිය සුපිරි නලු සල්මන් කාන්ගේ සහෝදරයා වන සොහයිල් කාන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කරනවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ හෂාන් තිලකරත්න මහතායි.

Leave a comment