Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ; කණ්ඩායම් දෙක මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් 30 හැවිරිදි දකුණත් පිතිකරු චැඩ් බවුස් (Chad Bowes) හා 23 හැවිරිදි පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවින්ද්‍ර එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ඇතුළත් කර නොමැති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් යළි එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

කසුන් රාජිත, ලහිරු කුමාර හා ඩිල්ෂාන් මදුෂංක ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරන අතර, චාමික කරුණාරත්න වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත්, වනිදු හසරංග දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත් කණ්ඩායමට ඇතුළත්.

දග පන්දු යවන්නන්ට වැඩි සහායක් නොදක්වන තණතීරුවක ක්‍රීඩා කරන බැවින් දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද අවසන් 11 දෙනා අතරට නම් කර නැහැ.

කණ්ඩායම් දෙක –

New Zealand XI :

Finn Allen, Chad Bowes, Will Young, Daryl Mitchell, Tom Latham (w/c), Glenn Phillips, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Matt Henry, Blair Tickner

Sri Lanka XI:

Nuwanidu Fernando, Pathum Nissanka, Kusal Mendis (w), Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Kasun Rajitha, Lahiru Kumara, Dilshan Madushanka

Leave a comment