Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය බංග්ලාදේශයට ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම හා සැසදීමේ දී අද තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම සදහා එක් ප්‍රධාන වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදී කම්පන තත්ත්වයකට ගොදුරු වූ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා ද නම් කර නැහැ.

ඔහු වෙනුවට පළමු තරගය අතරතුර දී කණ්ඩායමට ආදේශ කෙරුණු කසුන් රාජිත දෙවැනි ටෙස්ට් තරගය සදහා ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ නයීම් හසාන් හා ශොරිෆුල් ඉස්ලාම් වෙනුවට මොසඩැක් හොසේන් හා එබඩොට් හොසේන් කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Oshada Fernando, Dimuth Karunaratne(c), Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Niroshan Dickwella(w), Ramesh Mendis, Praveen Jayawickrama, Asitha Fernando, Kasun Rajitha

Bangladesh XI :

Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque(c), Mushfiqur Rahim, Litton Das(w), Shakib Al Hasan, Mosaddek Hossain, Taijul Islam, Khaled Ahmed, Ebadot Hossain

Leave a comment