Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක් ; නවසීලන්තයෙන් වෙනස්කම් දෙකක්

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව හැමිල්ටන් හි Seddon Park ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි ශ්‍රී ලංකාව තීරණය කළේ.

අද තරගය සදහා ශ්‍රී ලංකාව එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව ඩිල්ෂාන් මදුෂංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

නවසීලන්තය වෙනුවෙන් මෙම තරගය සදහා වෙනස් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව ෆින් ඇලන් හා ග්ලේන් පිලිප්ස් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් සංචිතයෙන් ඉවත්ව ඇති බැවින් කණ්ඩායම සදහා හෙන්රි නිකල්ස් හා ටොම් බ්ලන්ඩල් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 198 කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ඒ අනුව තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමටනම් අද පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.

එමෙන්ම 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම පිළිබද යම් බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමටනම් මෙම තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Nuwanidu Fernando, Kusal Mendis(w), Angelo Mathews, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Kasun Rajitha, Lahiru Kumara

New Zealand XI :

Tom Blundell, Chad Bowes, Will Young, Daryl Mitchell, Tom Latham(w/c), Henry Nicholls, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Matt Henry, Blair Tickner

Leave a comment