Ultimate magazine theme for WordPress.

කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම නිවේදනය කෙරේ

මෙවර දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ‘තරගාවලියේ කණ්ඩායම’ ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඊයේ(26) පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව පරදා 6 වැනි වරටත් 20යි 20 ලෝක ශූරයින් බවට පත් වීමට සමත් වුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඒ අනුව ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 4 දෙනෙකු තරගාවලියේ කණ්ඩායම සදහා නම් කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් තිදෙනෙකු, එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙකු, ඉන්දීය ක්‍රීඩිකාවක් හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවක් ද මෙම ලෝක කණ්ඩායමට ඇතුළත්.

අයර්ලන්ත ක්‍රීඩිකා Orla Prendergast මෙම කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩිකාව ලෙසයි නම් කර ඇත්තේ.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම –

  1. Tazmin Brits (South Africa) – 186 runs at 37.20
  2. Alyssa Healy (wk) (Australia) – 189 runs at 47.25 and four dismissals
  3. Laura Wolvaardt (South Africa) – 230 runs at 46
  4. Nat Sciver-Brunt (c) (England) – 216 runs at 72
  5. Ash Gardner (Australia) – 110 runs at 36.66 and 10 wickets at 12.50
  6. Richa Ghosh (India) – 136 runs at 68 and seven dismissals
  7. Sophie Ecclestone (England) – 11 wickets at 7.54
  8. Karishma Ramharack (West Indies) – five wickets at 10
  9. Shabnim Ismail (South Africa) – eight wickets at 16.12
  10. Darcie Brown (Australia) – seven wickets at 15
  11. Megan Schutt (Australia) – 10 wickets at 12.50
  12. Orla Prendergast (Ireland) – 109 runs at 27.25 and three wickets at 26.00

Leave a comment